කෘෂිකර්මාන්තය

අලවතුගොඩ කෘෂිකර්මාන්තය

අලවතුගොඩ නම් සුන්දර ග්‍රාමය වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි කෘෂිකාර්මික වටපිටාවකට උරුමකම් කියන ප්‍රදේශයකි. මෙම ග්‍රාමය උහල ඌව කදුකර ජලාධාර හෙවත් මධ්‍යම කද්‍රකර බටහිර බෑවූම් වලට අයත් වේ. මෙම ගමෙහි ජීවත්වන බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. පට්ටිපොල හා අලවතුගොඩ ග්‍රාමය අතර පිහිටි ස්වභාව රක්ෂිතය නිසා වසරේ සෑම කාලයකදීම හොද ජල සැපයුමක් මෙම ප්‍රදේශයට ලැබේ. එබැවින් වසර පුරාවටම ගොවිතැන් කිරීම සිදුවේ. වැලිමඩ එළවලු ලෙස සිරිලක පුරා ජනතාව ආහාරයට ගන්නා එළවලු වෙළදපොලට දිනපතා ටොන් ගනනක එලවලු තොග මෙම ගමෙන් නිශ්පාදනය කරනු ලබයි. 

Cultivate Potatoes

අලවතුගොඩ ගම සහ අවට ප්‍රදේයන්හි වගාකරන ප්‍රධාන බෝගය වන්නේ අර්තාපල් ය. වසරෙහි ජනවාරි සිට මැයි දක්වා එක් කන්නයක් පමණක් කුඹුරු වල වී වගා කරන අතර ඉන්පසුව කුඹුරෙහිද වගා කරනු ලබන්නේ අර්තාපල් නම් හෝගයයි.  නිරන්තර සීතල දේශගුණයක් පවතින මෙම ප්‍රදේශය  අර්තාපල් වගාවට හිතකර තත්වයන් පෙන්නුම් කරයි. අර්තාපල් වලට අමතරව කැරට්, බෝන්චි, රතුලූණු, මාලුමිරිස්, අමුමිරිස්, මල් ගෝවා, ගෝවා, අතුගෝවා, සලාද, වම්බටු, තක්කාලි, නපා, බෙල් පෙපර්, මෑ, දඹල, බීට්රූට් ආදී මෙකි නොකී එලවලු වර්ග විශාල ප්‍රමාණයක් අද වන විට මෙම ග්‍රාමය තුල වගා කරයි. අද වන විට එතරම් එලවලු වර්ග වගා කලද ලියුම්කරුගේ ආතාගේ 1931 දිනපොතට අනුව ඒකාලයේ වගා කල ප්‍රධාන සහ එකම මහා පරිමාන වගාව වන්නේ බෝන්චි වගාවයි.

මෙම ගම්මානය ආශ්‍රිතව හේන් වගාව, නිවස ආසන්නයේ පිහිටි වතු වගාව සහ කුඹුරේ සිදුවන වී හා එළවලු වගාව බහුලව සිදුවේ. කුඹුරු ගොවිතැන සැලකීමේදී ජනවාරි මාසයේ වී වගා කිරීමත් (ඇතමුන් මෙම කන්නයේ දී එළවුලු ම වගා කෙරේ) මැයි ජූනි මාසවල අර්තාපල් වගා කිරීමත් සැප්තැම්බර් මාසයේ බෝන්චි හෝ කැරටි වැනි බෝගයක් වගා කිරීමත් සිදුවේ. ජලය ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන සහ ජලය දැමීයට වෙහෙසක් ගන්නා  කාල සීමාව අගෝස්තු මාසයයි. නවීන තාක්ෂනය ඔස්සේ වතුර මල් සවිකිරීම මගින් මෙම කාර්යය ඉතා හොදින් සිදුකරගනී. තව තවත් නුවරඑළියට ආසන්න වත්ම වී වගාව කෙසේ වත් සිදු නොවේ. ජූනි මාසයේ කුඹුරු වගා කිරීම සදහා බීජ අර්තාපල් පිට්තර පෙදෙස් වලින් මිලදී ගන්නේ අල්ප වශයෙනි. ඒ සදහා බීජ අර්තාපල් ඔක්තෝබර් වැසි ආර්භයත් සමග ආර්ම්භ වන හේන් වගාවෙන් නිෂ්පාදනය කර ගනී. 

මෙසේ නිශ්පාදනය නරනු ලබන එළවලු සදහා හොද මිලක් ලබා ගැනීම බරපතල අභියෝගයකි. බහුතරයක් දෙනා තම එළවලු අලෙවි කරගැනීමට පැමිනෙන්නේ බෝගහකුඹුර නගරයටයි. අලවතුගොඩ ගමට ආසන්නයේ පිහිටි මෙම කුඩා නගරය තුල එළවලු මිලදී ගැනීමේ වෙළදසැල් 20 ක් පමණ පවතී. දඹුල්ල සහ ඈත සිට පැමිනෙන ලොරි රථ එම එළවලු රැගෙන යයි. තවත් සමහරු කැපිපෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය වෙතටත් පිරිසක් බෝගහකුඹුර නගරයේ සිට දිනපතා කොළඹ කරා ගමන් කරන එළවලු රැගත් ලොර් රථ (සමගිය, කේ.ඇම්.එස්, මානල්,...) තුලින් පිටකොටුව මැනිං වෙළද පොලටද තම නිෂ්පාදන අලෙවි කරයි. 

 

දැන් බලනවා

We have 18 guests and no members online

අපේ FACEBOOK පිටුව

ඇස ගිය තැන්

DSC01079.jpg

බෝකොටුව

අපේ FACEBOOK සමූහය

අලවතුගොඩ ගමට හිතැති ඔබ අප සම්බන්ධ කරන අපේම ‍FACEBOOK සමූහය