ශ්‍රී විජයවර්ධනාරාමය - අලවතුගොඩ, බෝගහකුඹුර

ශ්‍රී විජයවර්ධනාරාමය යනු අලවතුගොඩ ගම කේන්ද්‍රකරගත් විහාරස්ථානයයි. ශ්‍රී විජයවර්ධනාරාම විහාරස්ථානය අලවතුගොඩ, බෝගහකුඹුර ඇතුලු ආසන්න ගොදුරුගම් කිහිපයකම විහාරස්ථානය වේ. අලවතුගොඩ යනු බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමයකි. අලවතුගොඩ ගමෙහි ප්‍රධානතම ස්ථානය ශ්‍රී විජයවර්ධනාරාමය විහාරස්ථානයයි.

  

ශ්‍රී විජයවර්ධනාරාමය විහාරස්ථානය ආරම්භවූයේ 1934 වසරේදී ඌවේ පඤ්ඤානන්ද හිමියන් විසිනි. 1934 වසරට පෙර මෙම ගමෙහි ගම් වැසියන් තම ආගමික කටයුතු සදහා ගමේ සිට කිලොමීටර 4ක් පමණ ඈතින් පිහිටි කලබුලුලන්ද විහාරස්ථානය දක්වා ගමන් කිරීමට සිදුවිය. එම ගැටලුව මැනවින් වටහාගත් ඌවේ පඤ්ඤානන්ද හිමියන් ශ්‍රී විජයවර්ධනාරාමය ගොඩනැංවීය. ඌවේ පඤ්ඤානන්ද හිමියන්ට පසුව පණ්ඩිත ඌවේ සීලරතන හිමියන් විහාරාධිපති තනතුර හෙබවීය. මෙකල දෙහිවල ප්‍රදේශයේ ශ්‍රාස්ත්‍රානන්ද පිරිවෙණ නමින් (ශ්‍රාස්ත්‍රානන්ද පිරිවෙණ  දෙහිවල, කරගම්පිටිය) පිරිවෙනක් නිර්මාණය කිරීමට කටයුතු යෙදිනි. ඌවේ සීලරතන හිමියන්ගෙන් පසු කිණිගම ධම්මානන්ද හිමි සහ වත්මන් විහාරාධිපති උඩුවර ධම්මවිසුද්ධි හිමි ශ්‍රී විජයවර්ධනාරාමයේ විහාරාධිපති ධූරය හෙබවීය.

 

අද වන විට අලවතුගොඩ, රත්තනේ, කිරිදිඇල, ගැටලාගමුව, තැන්නකුඹුර, බෝගහකුඹුර, වැලිහෙලපතන, ගෝනගල සහ බෝගස්ඇල්ල ලෙස ගොදුරුගම් රාශියක් දරමින් ප්‍රදේශයට විශාල සේවාවක් සපයන ස්ථානයක් බවට මෙම විහාරස්ථානය පත්ව තිබේ. ප්‍රභාතය තරුණ බෞද්ධ සංගමය, ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල, තොරතුරු තාක්ෂන ආයතනය, වැඩිහිටි සමිතිය, ශීල භාවනා සමිතිය, විහාරස්ථ දායක සභාව ආදිය මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

ලිපිනය -

Sri Wijayawardanaramaya
Alawathugoda
Bogahakumbura

(+94) 57 5615785

දැන් බලනවා

We have 12 guests and no members online

අපේ FACEBOOK පිටුව

ඇස ගිය තැන්

fvfvf.jpg

බෝකොටුව

අපේ FACEBOOK සමූහය

අලවතුගොඩ ගමට හිතැති ඔබ අප සම්බන්ධ කරන අපේම ‍FACEBOOK සමූහය