අලවතුගොඩ ගම

අලවතුගොඩ ගමෙහි පිහිටීම සහ ගමේ විවිධ කොටස්

අලවතුගොඩ ගමෙහි පිහිටීම සහ ගමේ විවිධ කොටස්පිළිබද විස්තර මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ. අලවතුගොඩ ගම පිහිටා ඇත්තේ බදුල්ල සහ නුවර එළිය දිස්ත්‍රික් මායිමේ බදුල්ල දිස්ත්‍රික්කයට වන්නටය. වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොඨඨාශයට අයත් මෙම ග්‍රාමය කැප්පෙටිපොල සිට බොරලන්ද (මාර්ග අංක 332) මාර්ගයට යාබදව කිලොමීටර 8 කනුව ආස්නයේ පිහිටා ඇත. මෙම ගම උඩමාල, නාස්දන්ඩ ස්වභාව රක්ෂිතයන්ට කන්දෙපුහුල්පල, ගැටලගමුව, කිරිදිඇල සහ බෝගහකුඹුර යන ප්‍රදේශයන්ට යාබදව පිහිටා ඇත. කැප්පෙටිපොල හරහා බොරලන්ද සිට වැලිමඩට සෑම විනාඩි 20කටම වරක් (බොහෝවිට) ගමන් කරන බස්රථ ඔස්සේ පහසුවෙන් මෙම ගමට ලගා විය හැක.

ගමෙහි ප්‍රධාන ජීවන මාර්ගය වන්නේ ගොවිතැනයි. අර්තාපල් වගාවට වඩා නැඹුරුවූ මෙම ගමේ ජීවත්වන සෑම කෙනෙකුම පාහේ ගොවිතැන තම ආදායම් මාර්ගයක් කරගන ඇත. ඉහල ජල පෝෂකයන්ට මායිම් වන නිසා වසරේ සෑම කාලයකම හොද ජල සැපයුමක් මෙම ගමට ලැබේ. රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ද මෙම ගමෙහි ජීවත් වෙති. දෙසැම්බර් මස ආරම්භ වන වැසි සහිත අධික සීතල දේශගුණය මාර්තු මස පහව යෑමත් අප්‍රේල් මස කඩින් කඩ ඇති වැසි සහිත වසන්ත කාලයත් මැයි ජූනි සිට අගෝස්තු වියලි කාලය දක්වා හමා යන තද මෝසම් සුලගත් සැප්තැම්බර් ආරම්භවන ඊසාන දිය මෝසම් වැස්සත් හොදින් හදුනාගත් ගැමියන් ඊට අනුකූල වනසේ තම ගොවිතැන් කටයුතු සිදුකරයි.

අලවතුගොඩ ගම සැලකීමේදී ඉතා පැරණි කල සිට මිනිසුන් පදිංචිව සිටි රත්තනේ සහ කුඩුමිරිස්වැලදෝව, ගල්වැටතැන්න, දියවැටනැල්ල, ගෙපලවල්ගොඩ,කිරිවනාහීන්න, බෝගස්ඇල්ල සහ පන්සල කොටුව යන උප ගම් කොටස් දැකිය හැක. රත්තනේ සහ දියවැටනැල්ල යනු ගමේ ඉහලින්ම පිහිටි කොටස් වන අතර එම කොටස්වලට පසු කැලෑ දෙපාර්ථමේන්තුවට අයත් වගාකරන ලද වනාන්තරය සහ ගමේ සම්පත වන ස්වභා රක්ෂිතය දැකිය හැක.

දැන් බලනවා

We have 3 guests and no members online

අපේ FACEBOOK පිටුව

ඇස ගිය තැන්

fvfvf.jpg

බෝකොටුව

අපේ FACEBOOK සමූහය

අලවතුගොඩ ගමට හිතැති ඔබ අප සම්බන්ධ කරන අපේම ‍FACEBOOK සමූහය