ගමේ පරණ කතා

අපි පොඩි කාලෙ ගමේ ගොඩේ වැඩිහිටියන්ගෙන් අහල දැනගත්ත කතන්දර ගෙන ඒම මෙමගින් සිදුකෙරේ. මේ කතන්දර පැරණි උදවිය විසින් පවසන ලද ඒවා වන අතර  එහි ඇත්ත නැත්ත පිළිබද විමසා බැලීමකින් තොරව තොරතුරු ඉදිරිපත් කිරීම සිදුකර ඇත.

මං මුලා වැල්

මං මුලා වීම කියන්නේ කිසිත් කරකියාගත නොහැකිව අතරමං වීම වගේ දෙයක්. අන්න ඒ විදිහට මිනිසා අතරමං කිරීමට සමත් ශාඛයක් පිළිබදවයි මෙම තොරතුරු ගෙන එනු ලබන්නේ. අලවතුගොඩ ගමේ ජීවත් ව සිටි කිරි අම්මා කෙනෙක් සමග අතීතයේ දවසක කතා කරමින් සිටිද්දි තමයි මෙම තොරතුරු දැන ගැනීමය හැකියාව ලැබුනෙ. 

අලවතුගොඩ ගමට ඉහලින් පවතින පතාක යෝධයන් බදු උඩමාල සහ නාස්දන්ඩ කදු මුදුන් අතර හක්ගල දැඩිස්වභාව රක්ෂිතයේම කෙළවරකට අයත්වන විශාල අධිරක්ෂිත ජල පෝෂක ප්‍රදේශයක් පවතිනවා. මෙම කැලය ගමේ උදවිය හදුන්වන්නේ මහ කැලේ කියලා. මෙන්න මේ මහ කැලේ ඇතුලට ගොඩ්ක් දුර ගිහින් තියෙන්නේ ගමේ පරණ මිනිස්සු විකරයි. අපිත් ටිකක් ටිකක් ගිහින් තිබුනට ඈතට වැඩිදුර ගිහින් නෑ. ඔන්න ඔය කැලය ගැන දවසක් කිරි අම්මත් එක්ක කතාබහ කරමින් ඉන්නකොට කිරිඅම්මා තමයි මේ අපූර්ව ශාකය ගැන කිව්වේ. කිරි අම්මගේ ආතත් අත් බෙහෙත් ගැන දන්න කෙනෙක් වූ නිසා මේ තොරතුරු සම්පූර්ණයෙන් බොරුයි කියන්නත් අමාරුයි.

එකල උඩමාල මහකැලේ තිබිලා තියනවා මංමුලා කියලා වැල් විශේෂයක්. මේ වැල් වල තියෙන විශේෂත්වය තමයි ශරීරයේ යම් ස්ථානයක ගෑවී ටික වේලාවකින් එම පුද්ගලයා සිහිසුන් වීමයි. මෙසේ සිහිසුන් වන පුද්ගලයා දින 2 පමණ යනතුරු එම ආකාරයෙන්ම සිහි නැතිව සිටිනවා. අතීතයේදි බොහෝ විට ගැමියන් මහ කැලයට ගිහින් තියෙන්නෙ තනියම. කැලේට ගිය මිනිහා මෙතරම් වෙලාවක් ආවෙ නැත්තේ ඇයි කියලා ගමේ මිනිසුන් ගිහින් සොයාගන ආපු අවස්ථා තියනවා කියලා තමයි කිරිඅම්මා කිව්වේ.

මේ කතාව තහවුරු කරගන්න හොද උදාහරණයක් ලගදි දවසක සිලුමිණ පත්තරේ තිබිලා මට හමුවුනා. එහි තිබුන විදිහට මෙම වැල් රාවනා යුගයේ සීතා සොයා යන්නවුන් අතරමං කිරීමය යොදාගත් බව පැවසුනා. තවත් දවසක බ්ලොග් එකක මේ විදිහට තිබුණා. 

//// උපුටා ගැනීම /////

මං මුලා වැල්

වන්නි පෙදෙසේ මේ පැලය නිල්වැල කියා හදුන්වයි. වැල පැන්නූ අයගේ ඇස් අදුරුව පාර නොපෙනී යයි. එසේ වූ විට නපුරු වන සතුන් ගේ රූප මැවී පෙනෙන බව කියවේ. වතුරක් පෑගුණ විට යථා තත්වයට පත්වෙයි. මං මුලා වැලේ සිත් අතරමං කරන බලයක් ඇති බව අත්හදාබැලීමෙන් සොයාගෙන ඇත.

//// උපුටා ගැනීම අවසන් ////

කිරි අම්මා කියපු ඒ වැල් වර්ගය මමනම් දැකලා නෑ. දැක්කත් මම අදුනන්නෙත් නෑ. උඩමාලේ මහ කැලේ මේ වගේ දේවල් ඇති කියල නම් විශ්වාස කරන්න පුලුවන්.

 

 

දැන් බලනවා

We have 33 guests and no members online

අපේ FACEBOOK පිටුව

ඇස ගිය තැන්

DSC00804.jpg

බෝකොටුව

අපේ FACEBOOK සමූහය

අලවතුගොඩ ගමට හිතැති ඔබ අප සම්බන්ධ කරන අපේම ‍FACEBOOK සමූහය