අලවතුගොඩ ප්‍රභාතය තරුණ බෞද්ධ සංගමය

ප්‍රභාතය, යනු අලවතුගොඩ ශ්‍රී විජයවර්ධනාරාමස්ථ විහාර දායක තරුණ කැල විසින් ආගමික සහ සමාජ සේවා සංවිධානය කිරීම වස් පවත්වාගන යනු ලබන තරුණ බෞද්ධ සංගමයයි. 2002 වසරේදී විහාරාධිපති උඩුවර ධම්මවිසුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනුලැබූ මෙම සංගමය අද වන විට සමාජ සහ ආගමික සුභසාධනය වෙනුවෙන් බොහෝ දේ සිදුකර ඇත. මා නිවත්ථ අභික්කම යන තේමාවෙන් යුතු ප්‍රභාතය තරුණ බෞද්ධ සංගමය උඩුවර ධම්මවිසුද්ධි හිමියන් සහ බණ්ඩාරවෙල විමලානන්ද හිමියන්ගේ අනුශාසකත්වය මත මසකට වරක් සභාවාරය අලවතුගොඩ ශ්‍රී විජයවර්ධනාරාම විහාරයේදී පවත්වනු ලබයි. වැලිමඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඇන්. ඇම්. ජයතිලක මහතා සහ විශ්‍රාමික පාඨශාලාචාර්ය වරුන්ගේ උපදේශකත්වය සහ අනුශාසනා නිරන්තරයෙන්ම මෙම සංගමයට ලැබේ.

අලවතුගොඩ ප්‍රභාතය තරුණ බෞද්ධ සංගමය සිදුකල වැඩසටහන්

·         ශීල භාවනා වැඩසටහන්

·         වාර්ෂික සර්වරාත්‍රික පිරිත් දේශනා

·         අපොස සාමාන්‍ය පෙළ වැඩසටහන්

·         දානමය පුන්‍යකර්මයන්

·         ආගමික කැලන්ඩර මුද්‍රනය කර බෙදාහැරීම

·         මනමේ නාට්‍යය සංවිධානය කිරීම

·         රත්නපුර ගංවතුර සහන සේවාව

·         වෙසක් වැඩසටහන් සංවිධානය

·         සුනාමි සහන සේවා (හම්බන්තොට / කල්මුණේ)

·         අලවතුගොඩ.කොම් වෙබ් අඩවිය එළිදැක්වීම

·         තොරතුරු තාක්ෂණ සහ භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම

·         අලවතුගොඩ ක්‍රීඩා පිටිය සකස්කිරීම

·         පරිගණක තොරණ පැවැත්වීම (2006 / 2007)

·         පොසොන් පෙරහැර පැවැත්වීම (2006)

·         පොසොන් තොරණ (2011)

ඉදිරිකාලයේදී විවිධ නාට්‍ය පෙන්වීම, පෙරහැර සංවිධානය, තොරතුරු තාක්ෂණය ගමට ගෙනඒම, පරිසර වැඩසටහන් සිදුකිරීම, කරපන්ටයින් (ඉයුකැලිප්ටස්) ශාකය මගින් ප්‍රදේශයට සිදුවන හානිය පිළිබද සමාජය දැනුවත් කිරීම ආදිය සිදුකිරීමට බලාපොරොත්තු වේ. 

දැන් බලනවා

We have 42 guests and no members online

අපේ FACEBOOK පිටුව

ඇස ගිය තැන්

IMGP0924.jpg

බෝකොටුව

අපේ FACEBOOK සමූහය

අලවතුගොඩ ගමට හිතැති ඔබ අප සම්බන්ධ කරන අපේම ‍FACEBOOK සමූහය